දියවන්නා වෙසක් කලාපයේ 3 වන දිනය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

සම්බුදු තෙමඟුල සැමරීමේ වෙසක් උත්සවය නිමිත්තෙන් ආරක්‍ෂක අමාත්‍යංශය සහ ස්වාධීන රූපවාහිනී සේවය එක්ව, සංවිධානය කරන ලද දියවන්නා වෙසක් කලාපයේ තෙවන දින ආරම්භය 2024 මැයි මස 25 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධාත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සහ බත්තරමුල්ල ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාර්ගය ආවරණය වන පරිදි පැවති දියවන්නා වෙසක් කලාපයේ ත්‍රිවිධ හමුදාව ප්‍රදර්ශනය කරන ලද වෙසක් නිර්මාණ සහ අනෙකුත් වෙසක් සැරසිලි නාවික හමුදාධිපති ගේ සුරතින් ආලෝකමත් කෙරුණු අතර, ත්‍රිවිධ හමුදාව විසින් ඉදිරිපත් කල භක්ති ගීත සහ සංස්කෘතික අංගයන් ගෙන් දියවන්නා වෙසක් කලාපය වර්ණවත් විය.

එමෙන්ම, දියවන්නා වෙසක් කලාපයේ ප්‍රදර්ශනය කරන ලද වෙසක් නිර්මාණයන් අතරින් හොඳම නිර්මාණ සඳහා ත්‍යාග පිරිනැමීම සඳහාද නාවික හමුදාධිපති සහභාගීවිය.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.