කොමදෝරු රවී ගුණසිංහ නාවික හමුදා වැඩ බලන අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි
කොමදෝරු රවී ගුණසිංහ, ශ්රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් අද දින (2024 මැයි 21) නාවික හමුදා මූලස්ථානයේ, අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
වැඩ බලන අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගැනීමට පෙර කොමදෝරු රවී ගුණසිංහ, අධ්යක්ෂ නාවික සිවිල් ඉංජිනේරු ලෙස රාජකාරි සිදුකල අතර, අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය විසින් කොමදෝරු රවී ගුණසිංහ වෙත වැඩ බලන අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ධූරයේ රාජකාරීන් භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.