නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය අද දින (2024 මැයි 21) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය 1990 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 08 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇත. ඔහු සිය සේවා කාලය තුළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික සිවිල් ඉංජිනේරු (විශේෂ ව්‍යාපෘති), කපිතාන් සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව (දකුණ), කපිතාන් සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව (නැගෙනහිර), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (ශ්‍රී ලංකා නාවික හමුදා ඉදිකිරීම් ඒකකය - ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය අකුරේගොඩ), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (විශේෂ ව්‍යාපෘති), නි‍යෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික සිවිල් ඉංජිනේරු, අධ්‍යක්‍ෂ නාවික සිවිල් ඉංජිනේරු, අධ්‍යක්‍ෂ නාවික සිවිල් ඉංජිනේරු හා උපදේශක ඉංජිනේරු (ජනාධිපති මන්දිර විශේෂ ව්‍යාපෘති), ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (ඉංජිනේරු) සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු යන ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.