‘Sea Vision’ පුහුණු පාඨමාලාව කොළඹදී සාර්ථකව නිමාවට පත්වෙයි

ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘Sea Vision’ පුහුණු පාඨමාලාව 2024 මැයි මස 13 වන දින සිට 17 වන දින දක්වා කොළඹ, ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

‘Sea Vision’ යනු සමුද්‍රීය මෙහෙයුම් වැඩිදියුණූ කිරීම, සමුද්‍රීය ආරක්‍ෂාව වර්ධනය කිරීම සහ සමුද්‍රීය ප්‍රජාව අතර හවුල්කාරීත්වය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පුළුල් වපසරියක සමුද්‍රීය තොරතුරු නිරීක්‍ෂණය සහ බෙදා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ජාල ගත මෙවලමකි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වෙළඳ නාවික ලේකම් කාර්යාලය සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා යන ආයතන නියෝජනය කරමින් මෙම පුහුණු පාඨමාලාව සඳහා නිලධාරීන් පිරිසක් සහභාගී විය.

තවද, ‘Sea Vision’ පුහුණු පාඨමාලාව සඳහා ඇමෙරිකානු තාක්‍ෂණික ක්‍ෂේත්‍ර කණ්ඩායමක් විසින් සම්පත් දායකත්වය ලබාදීම සිදු කෙරුණු අතර, එහිදී සහභාගී වූවන් හට සහතික පත්‍ර ප්‍රදානයද සිදුකෙරිණි.