නාවික හමුදාව මඟින් මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ‍වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර 02 ක් ස්ථාපනය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ, මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයන්හි ස්ථාපනය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර දෙකක් (02) 2024 මැයි මස 17 වන දින ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් නිර්මාණය කරන ලද විසි හත්වන (27) සහ විසි අට වන (28) වෛද්‍ය ශ්‍රේණි‍යේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර දෙක (02) මඟින් එකවර වකුගඩු රෝගීන් 35 දෙනෙකු හට රුධිර කාන්දුකරණය කිරීමට හැකියාව ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා මහනුවර ජාතික රෝහලේ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය” ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ රෝහල් කාර්යය මණ්ඩලයේ පිරිසක් සහභාගි වී සිටියහ.