ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ධූරය නාවික හමුදාවෙන් යුද්ධ හමුදාවට
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිගේ පදවි ප්‍රාප්ති උළෙල, 2024 අප්‍රේල් මස 26 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාපීඨ පීඨාධිපති මහාචාර්‍ය අලෝක පතිරණ මහතාගේ ගෞරවණීය සහභාගීත්වයෙන් කොළඹ ගලධාරී හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
ඒ අනුව, 2023 - 2024 වර්ෂයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා වෛද්‍ය කොමදෝරු නයනා විජේදෝරු හෙබවූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපතිත්වය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය බ්‍රිගේඩියර් ප්‍රිමාල් පීරිස් වෙත නිල වශයෙන් භාර දීම, 2024 අප්‍රේල් මස 26 වන දින මෙලෙස සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණිය, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය රියර් අද්මිරාල් ජානක මාරඹේ, වෛද්‍ය කොමදෝරු එම්බීපීසී විජේදාස ඇතුළු නාවික හමුදාවේ වෛද්‍ය සහ දන්ත වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.