වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් ගරු Major General (R) Faheem Ul Aziz අද දින (2024 අප්‍රේල් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

30 Apr 2024

මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් නාවිකයෙකු වෙත කෘතීම පාදයක් පිරිනමයි

මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායකවීමෙන් රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වූ නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරීනැමීමේ වැඩසටහන යටතේ බලනැවි අයිඩීඑන් තිලක් කුමාර (විශ්‍රාමික) යන නාවිකයා වෙත කෘතීම පාදයක් පිරිනැමීම, 2024 අප්‍රේල් මස 30 වන දින එම නාවිකයාගේ නිවසේදී සිදුකෙරිණි.

30 Apr 2024