මානුෂීය මෙහෙයුමේදී රණක්ෂිතයට පත් නාවිකයෙකු වෙත කෘතීම පාදයක් පිරිනමයි
මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායකවීමෙන් රණක්ෂිතයට පත්ව පාද අහිමි වූ නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරීනැමීමේ වැඩසටහන යටතේ බලනැවි අයිඩීඑන් තිලක් කුමාර (විශ්‍රාමික) යන නාවිකයා වෙත කෘතීම පාදයක් පිරිනැමීම, 2024 අප්‍රේල් මස 30 වන දින එම නාවිකයාගේ නිවසේදී සිදුකෙරිණි.
දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දමා දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් රණවිරුවන් රණක්ෂිතයට පත්වෙමින් සහ ජීවිත පරිත්‍යාගයෙන් විශාල කැපකිරීමක් සිදුකර ඇති අතර, එලෙස රණක්ෂිතයට පත්ව පාද අහිමි වූ රණවිරුවන් වෙත කෘතීම පාද ලබාදීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරිය විසින් ක්‍රියාවට නංවා ඇත.
ඒ අනුව, නාවික හමුදා සුභසාධක අංශයේ හා නාවික හමුදා සමාජ මෙහෙවර අරමුදලේ දායකත්වයෙන් පාද අහිමි වූ නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරිනැමීමේ වැඩසටහන යටතේ බලනැවි අයිඩීඑන් තිලක් කුමාර (විශ්‍රාමික) යන නාවිකයා වෙත කෘතීම පාදයක් පිරිනැමීම මෙලෙස සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් සංජීව අන්නතුගොඩ සහභාගී විය.