උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ භාර ගනී

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2024 අප්‍රේල් 18) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු මැද නාවික විධානය වෙත රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නලීන් නවරත්න විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, උතුරු මැද නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් නලීන් නවරත්න වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු මැද නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.