නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 අප්‍රේල් 17) දකුණු නාවික විධානයේ සංවිධායකත්වයෙන්, බූස්ස දකුණු නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික හමුදා සමාජ සත්කාරක වැඩසටහන යටතේ, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ අධීක්‍ෂණයෙන් සහ දකුණු නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, කරාපිටිය රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන්, එම රෝහල වෙතින් සිදුකෙරුණු ඉල්ලීමකට අනුව සංවිධානය කෙරිණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දකුණු නාවික විධානයේ සියළුම නෞකා සහ ආයතනයන්ගේ නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලද අතර, ඒ සඳහා දකුණු විධාන නාවික රෝහලේ සහ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ රැධිර බැංකුවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සහයෝගය ලබාදීම සිදු කෙරිණි.