රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් අද දින (2024 අප්‍රේල් 15) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, නියෝජ්‍ය ආඥාපති උතුරු නාවික පෙදෙස ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලදි.

ඒ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් අභිනව අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල ලෙස පත්වූ රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.