ඉංජිනේරුවන් පුහුණු කිරීමේ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා සැලසුම් අධ්‍යක්‍ෂකය වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන් පිළිගැනීමේ සහතිකයක්

නාවික ඉංජිනේරු සහ නාවික සැලසුම් ක්‍ෂේත්‍රයෙහි උපාධිදාරී ඉංජිනේරුවරුන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (Institution of Engineers Sri Lanka - IESL) වරලත් ඉංජිනේරුවරයෙකු ලෙස සාමාජිකත්වය ලබාගැනීම සඳහා පුහුණු කිරීමේ ආයතනයක් ලෙස, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් නාවික හමුදා සැලසුම් අධ්‍යක්‍ෂකය වෙත පිළිගැනීමේ සහතිකයක් පිරිනමන ලද අතර, එම සහතිකය අද දින (2024 අප්‍රේල් 08) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිරිනැමීම, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ විසින් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

එහිදී, මෙම සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් නාවික හමුදා සැලසුම් අධ්‍යක්‍ෂකය වෙත සිය ප්‍රශංසාව පලකිරීමට කටයුතු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික සැලසුම්, කොමදෝරු හසන්ත දසනායක ඇතුළු එම අධ්‍යක්‍ෂකයේ නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.