වැදගත් සිදුවීම්

අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවෙයි

ශ්‍රී ලංකා පොලීසියේ 36 වන පොලිස්පති ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා අද දින (2024 අප්‍රේල් 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

01 Apr 2024

ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරීන් නාවික හමුදාව වෙතින් ගුවන් හමුදාව වෙත භාර දෙයි

කොළඹ, ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දීම 2024 මාර්තු මස 31 වන දින සහ අද දින (2024 අප්‍රේල් 01) කොළඹ ගාලු මුවදොරදී සහ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

01 Apr 2024