ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 15 ක් අවශ්‍ය රෝගීන් වෙත ලබාදීම සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ‘Interact Club’ යන සංගමය වෙත සංකේතාත්මකව භාර දීම, 2024 මාර්තු මස මුල් සතියේදී එම විදුහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.