සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නාවික හමුදා සාමාජිකයින් වෙත සාමාජිකත්ව කාඩ්පත් සහ සහතිකපත් ප්‍රදානය කෙරේ
සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නාවික හමුදා සාමාජිකයින් සඳහා සාමාජිකත්ව කඩ්පත් සහ සහතික පත් ප්‍රදානය, 2024 පෙබරවාරි මස 09 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සභාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ ඇතුළු සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නාවික හමුදා විධායක කමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ දී සිදුකෙරිණි.
ත්‍රිවිධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික ක්‍ෂේත්‍රයට අනුයුක්ත ඉංජිනේරු නිලධාරීන්ගේ දැනුම හා හැකියාව ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සාමූහිකව දායක කර ගැනීම, දැනුම හා හැකියාවන් හුවමාරු කර ගැනීම සහ වෘත්තීය සහයෝගීත්වය වර්ධනය කර ගැනීම අරමුණු කර ගනිමින් යුද, නාවික හා ගුවන් හමුදා ඉංජිනේරු නිලධාරීන්ගෙන් සමන්විත සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලය 2022 වර්ෂයේ ඔක්තෝබර් මස 13 වන දින ආරම්භ කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු, විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු හා තොරතුරු තාක්‍ෂණ යන තාක්‍ෂණික අංශයන්ට අයත් නිලධාරීන් හැට දෙනෙකු (60) වෙත Fellow, Member, Associate Member සහ Affiliate Member යන ප්‍රභේද හතරක් (04) යටතේ සාමාජිකත්ව කඩ්පත් සහ සහතික පත් ප්‍රදානය මෙලෙස 2024 පෙබරවාරි මස 09 වන දින සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය, අධ්‍යක්ෂ නාවික තොරතුරු තාක්ෂණ කොමදෝරු චමින්ද රණවීර ඇතුළු නාවික හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික අංශයන්හී ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.