විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයෙකුගේ ආබාධිත දරුවෙකුගේ පරිහරණය සඳහා නාවික හමුදාව මඟින් විදුලි රෝද පුටුවක් පිරිනමයි
විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයෙකුගේ, විශේෂිත රෝගී තත්වයක් හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව සිටින දරුවෙකු වෙත නාවික හමුදාව මඟින් නිර්මාණය කරන ලද විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කිරිම, අද දින (2024 පෙබරවාරි 01) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
නායක පාබල එල්එම්ජී දිසානායක (විශ්‍රාමික) යන කණිෂ්ඨ නාවිකයා ගේ ආබාධිත තත්වයේ පසුවන දරුවාගේ පරිහරණය සඳහා විදුලි රෝද පුටුවක් ලබා ගැනීම සඳහා එම නාවිකයා විසින් නාවික හමුදා සංගමය මඟින් නාවික හමුදා මූලස්ථානය වෙතින් ඉල්ලීමක් සිදුකෙරිණි.
ඒ අනුව, නාවික හමුදා සමාජ මෙහෙවර අරමුදලේ දායකත්වයෙන් සහ නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ විදුලි නිර්මාණ ඒකකයේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් එම දරුවා වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද මෙම විදුලි රෝද පුටුව, නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන්, එම කණිෂ්ඨ නාවිකයා වෙත පිරිනැමීම මෙලෙස අද දින (2024 පෙබරවාරි 01) සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න සහ අධක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතාන ගේ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.