රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් 2024 ජනවාරි 27 වන දින නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, වයඹ නාවික විධානයේ ආඥාපති ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලදි.

ඒ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් කටයුතු කළ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක විසින් අභිනව අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස පත්වූ රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.