එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජනවාරි 28) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Offshore Patrol Vessel (OPV) වර්ගයට අයත් ‘HMS SPEY’ නෞකාව, දිගින් මීටර් 90.5 ක් හා නැව් මුළුව පනස් හය (56) දෙනෙකුගෙන් සමන්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් Commander PAUL CADDY කටයුතු කරනු ලබයි

එමෙන්ම, ‘HMS SPEY’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුල නෞකාවේ අණදෙන නිලධාරී විසින් බටහිර නාවික විධානයේ ආඥාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් අතර නිල හමුවන් පැවැත්වීමට නියමිත අතර, එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

තවද, ‘HMS SPEY’ නෞකාව නිල සංචාරය අවසන් කරමින් 2024 ජනවාරි මස 31 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.