රියර් අද්මිරාල් රුවන් කලුබෝවිල නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් රුවන් කලුබෝවිල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් වශයෙන් අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් රුවන් කලුබෝවිල, නාවික හමුදාධිපතිගේ ලේකම් සහ නාවික ලේකම් ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලදි.
ඒ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් චන්දන රත්නායක විසින් අභිනව අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් ලෙස පත්වූ රියර් අද්මිරාල් රුවන් කලුබෝවිල වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.