නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චමින්ද ජයපාල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 32 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් චමින්ද ජයපාල අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී තිබූ රියර් අද්මිරාල් චමින්ද ජයපාල වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් චමින්ද ජයපාල වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1990 වසරේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 08 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් චමින්ද ජයපාල, සිය වසර 32 කට අධික සේවා කාලය තුළ කලාප ආහාර හා නිල ඇදුම් නිලධාරි, කලාප මිලදී ගැනීමේ නිලධාරි, ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (විශ්‍රාම වැටුප්), ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (ලැබීම් හා බෙදාහැරීම්), කලාප ගබඩාභාර නිලධාරි සහ ආහාර හා නිල ඇදුම් නිලධාරි (බටහිර), ජ්‍යේෂ්ඨ පාඨමාලා සම්බන්ධීකාරක (දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාව), කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව (නැගෙනහිර), අධ්‍යක්‍ෂ සැපයුම්, කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව (උතුරු මැද), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික (වැටුප්), අධ්‍යක්‍ෂ සැපයුම්, කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා (උතුර), අධ්‍යක්‍ෂ නාවික සැපයුම්, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් (අයවැය හා මුදල්) සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් (අයවැය හා මුදල්) යන ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.