රියර් අද්මිරාල් මංජුල දිසානායක නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් මංජුල දිසානායක, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් වශයෙන් අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් මංජුල දිසානායක, අධ්‍යක්‍ෂ නාවික සැපයුම් ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලදි.

ඒ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් චමින්ද ජයපාල විසින් අභිනව අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් ලෙස පත්වූ රියර් අද්මිරාල් මංජුල දිසානායක වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.