කොමදෝරු අනිල් බෝවත්ත නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ලෙස වැඩ භාර ගනියි
කොමදෝරු අනිල් බෝවත්ත, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් අද දින (2024 ජනවාරි 23) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ලෙස වැඩ භාර ගැනීමට පෙර කොමදෝරු අනිල් බෝවත්ත, නියෝජ්‍ය ආඥාපති නැගෙනහිර නාවික පෙදෙස ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලදි.
ඒ අනුව, තාවකාලික වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් කටයුතු කළ කොමදෝරු ඉන්දික ද සිල්වා විසින් අභිනව වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ලෙස පත්වූ කොමදෝරු අනිල් බෝවත්ත වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.