උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් කාංචන බානගොඩ අද දින (2024 ජනවාරි 22) උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු නාවික විධානය වෙත රියර් අද්මිරාල් කාංචන බානගොඩ පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, උතුරු නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.