උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නලින් නවරත්න වැඩ භාර ගනී
උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් නලින් නවරත්න අද දින (2024 ජනවාරි 19) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු මැද නාවික විධානය වෙත රියර් අද්මිරාල් නලින් නවරත්න පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් කාංචන බානගොඩ විසින් විධාන මූලස්ථානයේදී, ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.
තවද, උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු මැද නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරුණු අතර, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ඉදිරියේදී උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතව ඇත.