කිලෝමීටර් 580 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සැරසෙන නාවික හමුදා නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන පාගමනේ සිව්වන දිනය සාර්ථකව අවසන් කරයි

දින 08 ක් තුල කිලෝමීටර් 580 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 12 වන දින වව්නියාවෙන් පාගමන ඇරඹු නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන, 2024 ජනවාරි මස 15 වන දින සන්ධ්‍යාව වන විට පා ගමනේ සිව්වන දිනය කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් සාර්ථකව අවසන් කෙරිණි.

ඒ අනුව, 2024 ජනවාරි මස 15 වන දින මාදම්පේ සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා කිලෝමීටර් 76 යි මීටර් 400 ක දුරක් ඇවිදිමින් මේ දක්වා කිලෝමීටර 294 මීටර් 400 ක දුර ප්‍රමාණයක් ඇවිදීම‍ට නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන සමත්වී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සිදුකෙරෙන, මෙම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමේ පා ගමන, ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණ දායකත්වයෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විනිශ්චය දායකත්වයෙන් සිදුකෙරේ.

තවද, පා ගමනේ පස්වන දිනයේ දී, 2024 ජනවාරි මස 16 වන දින නිදහස් වතුරශ්‍රයේ සිට නිට්ටඹුව දක්වා ගමන් කිරීමට නියමිතව ඇති අතර, ඔහු විසින් දින 08 ක් තුල ඇවිදීමට අපේක්ෂිත කිලෝමීටර් 580 න් හරි අඩක් මේවන විට සාර්ථකව සම්පූර්ණ කර ඇත.