ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා වැඩ භාර ගනී
ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා අද දින (2024 ජනවාරි 15) ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ගිණිකොන නාවික විධානය වෙත රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නලීන් නවරත්න විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.
තවද, ගිණිකොන නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් නලීන් නවරත්න වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ගිණිකොන නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරුණු අතර, රියර් අද්මිරාල් නලීන් නවරත්න ඉදිරියේදී උතුරු මැද නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතව ඇත.