වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ වැඩ භාර ගනී

වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ අද දින (2024 ජනවාරි 12) වයඹ නාවික විධාන මූලස්ථානයේදී, වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව වයඹ නාවික විධානය වෙත රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, වයඹ නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව වයඹ නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරුණු අතර, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් ඉදිරියේදී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතව ඇත.