ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් ප්‍රථම කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළු 66 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට සහ ඉඳුරාම බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට බඳවා ගත් කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් හය දෙනෙකු (06) ඇතුළු 66 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් තිස් තුන් (33) දෙනෙකු වෙත සහ 2023 ඉඳුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් විසි හතර (24) දෙනෙකු වෙත පත්වීමේ ලිපි ප්රදානය කිරීම අද දින (2024 ජනවාරි 10) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ විධායක අංශය වෙත ශිෂ්‍යභට නිලධාරීන් දහසය (16) දෙනෙකු, ඉංජිනේරු අංශය වෙත සිව් දෙනෙකු (04) සැපයුම් අංශය වෙත පස් දෙනෙකු (05), විදුලි හා විද්‍යුත් අංශය වෙත එක් අයෙකු (01) සහ නාවික පාබල අංශය වෙත හත් (07) දෙනෙකු වශයෙන් ශිෂ්‍යභට නිලධාරීන් 33 දෙනෙකු වෙනුවෙන් පත්වීමේ ලිපි ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව සඳහා අද දින (2024 ජනවාරි 10) සිට අනුයුක්ත වන 66 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් අතුරින් විධායක අංශය වෙත කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් තිදෙනෙකු (03) ඇතුළත් වීම නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ලෙස සනිටුහන් වූ අතර, ඉංජිනේරු අංශය වෙත කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් එක් අයෙකු (01) සහ සැපයුම් අංශ වෙත කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් දෙදෙනෙකු (02) ඇතුළත් වීමද එලෙස බඳවා ගත් ප්‍රථම අවස්ථාව ලෙස සනිටුහන් විය.
එමෙන්ම, 2023 ඉඳුරාම බඳවා ගත් තොරතුරු තාක්ෂණ අංශයේ එක් නිලධාරියෙක් (01) නිතී අංශයේ එක් නිලධාරියෙක් (01) සහ වාදක අංශයේ නිලධාරීන් දෙදෙනෙක් (02) ඇතුළු නිත්‍ය නිලධාරීන් සිව් දෙනෙකු (04) සහ ස්වේච්ඡා විධායක අංශයේ නිලධාරීන් විසි දෙනෙකු (20) වෙත පත්වීම් ලිපි පිරිනැමීමද අද දින (2024 ජනවාරි 10) සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, දේශ ප්රේමීත්වයෙන් යුතුව මව්බිමට සේවය කිරීම සඳහා නාවික හමුදාවට එක්වූ ශිෂ්‍යභට නිලධාරීන් සහ ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් වෙත ප්‍රථමයෙන් සිය සුභාෂිංසන පිරිනැමීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රථම වරට 66 වන ශිෂ්‍යභට නිලධාරි බඳවා ගැනීම යටතේ කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් බඳවා ගැනීම ඓතිහාසික සිදුවීමක් බවත්, නාවික හමුදාවේ ප්‍රථම කාන්තා නිලධාරි සහ කාන්තා නාවික කණ්ඩායම නෞකා රාජකාරීන් සඳහා පසුගිය වසරේදී අනුයුක්ත වූ බවත්, 66 වන ශිෂ්‍යභට නිලධාරි බඳවා ගැනීමට අයත් කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් හට ද අනාගතයේදී නාවික හමුදා නෞකා හා යාත්රාවන්ගේ අණදෙන/ අණභාර නිලධාරිණියන් ලෙස අභියෝගාත්මක රාජකාරියක් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් පවසන ලදි. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී ලබා දෙන න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව තුළින් වැඩිදියුණු වන නව දැනුම හා කුසලතා තුළින් ඕනෑම රාජකාරියක් කැපවීමෙන් යුතුව සිදුකිරීමට අවශ්‍ය පෞරුෂය, නායකත්ව ගුණාංග සහ තීරණ ගැනීමේ හැකියාව ගොඩ නැඟෙන බවත්, මූලික පුහුණුවෙන් පසු විශේෂිත දෙස් විදෙස් පුහුණු අවස්ථා වෙත යොමු වෙමින් නාවික හමුදාවේ ඉදිරි අනාගතය භාරගැනීමට සුදුසු පරිපූර්ණ නිලධාරීන් ලෙස රාජකාරි සිදු කිරීමට අද දින (2024 ජනවාරි 10) නාවික හමුදාවට එක්වූ දූ පුතුන් හට අවස්ථාව උදා වනු ඇති බවත් පවසන ලදි.
දේශීය ජල තීරය පමණක් නොව අන්තර්ජාතික මුහුදු සීමාව දක්වා නාවික හමුදා නෞකා යාත්‍රා කරමින් ජාතික ආරක්ෂාව සඳහා විශාල තර්ජනයක් වී ඇති මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධි කටයුතු මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව විශාල කාර්යභාරයක් සිදුකරනු ලබන බව පැවසූ නාවික හමුදාධිපති, නාවික හමුදාවේ එම කාර්යභාරය සිදු කිරීම සඳහා තම ආදරණීය දූ පුතුන් නාවික හමුදාවට බැදීමට දිරිමත් කල නවක නිලධාරීන්ගේ දෙමව්පියන් වෙතද එහිදී සිය කෘතවේදීත්වය පළ කිරීමට කටයුතු කෙරිණි.
තවද, නවක පුහුණුවන නිලධාරීන් වෙත පත්වීමේ ලිපි ප්රදානය කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නව පත්වීම් ලද නිලධාරීන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.