ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඊජිප්තු තානාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඊජිප්තු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Maged Mosleh මහතා අද දින (2024 ජනවාරි 10) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඒ අනුව, ඊජිප්තු තානාපති ගරු Maged Mosleh මහතා නාවික හමුදා මූලස්ථානය වෙත නාවික හමුදාධිපති විසින් පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ දෙපාර්ශවය අතර සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරිණි.