73 වන නාවික හමුදා සංවත්සර දින නිලධාරී සුහද හමුව වැලිසර Wave ‘N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර දිනය සැමරීම සඳහා ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කෙරුණු අතර, එම වැඩසටහන් මාලාවේ නිලධාරීන්ගේ සුහද හමුව 2023 දෙසැම්බර් මස 30 වන දින වැලිසර Wave ‘N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න( විශ්‍රාමික) හා එම මැතිණිය, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ ඇතුළු හිටපු නාවික හමුදාධිපතිවරුන් සහ සම්භාවනීය ආරාධිතයන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
“නිල් රැල්ලේ චමත්කාරය” යන තේමා පාඨය මුල්කර ගනිමින් සංවිධානය කල මෙම සුහද හමුව, නාවික හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් පැමිණි සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් නාවික හමුදාවේ කාර්යය භාරය ඉටුකිරීම වෙනුවෙන් කැපවී කල සේවය හා ඉටුකරනු ලබන සේවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙම සුහද හමුව, නාවික හමුදා සංස්කෘතික වාදක හා නර්තන අංශයේ ගායන, වාදන සහ නර්තන අංගයන් ගෙන් විචිත්‍රවත් විය.
එමෙන්ම, උත්සව ශාලාවේ පැවති දිනුම් ඇදීම් මඟින් තෝරා ගත් ජයග්‍රාහකයින් වෙත වටිනා ත්‍යාග පිරිනැමීම සහ නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ආරාධිතයන් වෙත ත්‍යාග පිරිනැමීමද එහිදී සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ එම මැතිණිය, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සහ එම මැතිණිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විදායක කමිටු සාමාජිකාවන් සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.