සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ගරු Michael Appleton මහතා අද දින (2023 දෙසැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී, සමුගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා හමුවිය.
ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ගරු Michael Appleton මහතා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, නවසීලන්ත මහ කොමසාරිස් විසින් සිය රාජකාරී කාලසීමාව තුලදී ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් සිය කෘතවේදීත්වය පල කර ඉදිරි කටයුතු සඳහා ශුභාශිංසන පිරිනැමීමද මෙහිදී සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් වෙත සමරු තිළිණයක් පිරිනැමීමද සිදු කෙරිණි.