නාවික සඟරාවෙහි දො‍ළොස්වන කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Sri Lanka Navy Journal) දො‍ළොස්වන කලාපය නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ප්‍රධානි, කපිතාන් ප්‍රසාද් ජයසිංහ විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම 2023 දෙසැම්බර් මස 27 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

ජාතික සහ ‍ගෝලීය වශයෙන් පවත්නා කාලීන ගැටළු ඇතුළු විවිධ විෂය ක්‍ෂේත්‍රයන් සම්බන්ධයෙන් නාවික හමුදා පුද්ගලයන්ගේ විශ්ලේෂණාත්මක ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වර්ධනය කිරීම මෙන්ම, නාවික හමුදා පුද්ගලයන් පර්යේෂණ නිබන්ධන ලිවීම කෙරෙහි උනන්දු කරවීමත් ‘නාවික සඟරාව’ මඟින් අපේක්‍ෂා කෙරෙන අතර, දො‍ළොස්වන කලාපයේ තේමාව වූයේ ‘සමුද්‍රීය වසම, ජාතික ආරක්‍ෂාව හා ගෝලීය කටයුතු’ (The realm of maritime domain, national security and global affairs) යන්නයි.

ඒ අනුව, ‘සමුද්‍රීය වසම, ජාතික ආරක්‍ෂාව හා ගෝලීය කටයුතු’ යන තේමාව යටතේ නිලධාරීන් විසින් රචිත හරවත් පර්යේශණාත්මක ලිපි එකතුවකින් මෙවර කලාපය සමන්විත වේ.