ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 දෙසැම්බර් 21) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ IDN Warship Corvette වර්ගයට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව, දිගින් මීටර් 90.71 ක් හා නැව් මුළුව එකසීය විස්සක (120) ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ‍කොමාණ්ඩර් WIRASTYO HAPRABU කටයුතු කරනු ලබයි.

තවද, ‘KRI DIPONEGORO- 365’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල නෞකාවේ අණදෙන නිලධාරී විසින් බටහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් සමඟ නිල හමුවන් පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම, එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අතර, නෞකාව 2023 දෙසැම්බර් මස 23 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.