ශ්රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලෙස වැඩ භාර ගන්නා ලද Commodore M Moniruzzaman අද දින (2023 දෙසැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා හමු විය.
ඒ අනුව, නාවික හමුදාධිපති විසින් බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක Commodore M Moniruzzaman නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ බංගලාදේශ නව ආරක්ෂක උපදේශක අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්විණි.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.