විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකාය හා මාධ්‍ය ආයතන අතර සාකච්ඡාවක් පවත්වයි

ශ්‍රී ලංකාව තුල විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා පියවර ගැනීමේදී මාධ්‍ය භාවිතා කලයුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමඟ සාක‍ච්ඡාවක්, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 නොවැම්බර් මස 29 වන දින ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකායේ සාමාජික ආයතන හා මාධ්‍ය ආයතන සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවේදී, රට තුල විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පියවර ගැනීමේදී, මාධ්‍ය භාවිතා කලයුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශයක් සකස් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරුවක් සිදුකෙරිණි.