කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පර්යේෂණ සම්මන්ත්‍රණය - 2023 නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වයි
කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පර්යේෂණ සම්මන්ත්‍රණය - 2023, “Strategizing Security Challenges in A Dynamic Environment” යන තේමාව යටතේ 2023 නොවැම්බර් මස 02 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ජාතික ආරක්ෂක ක්ෂේත්රයේ උපායමාර්ගික තීරණ ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්ථාපිත කර ඇති මෙම විද්‍යායතනයේ දෙවන පාඨමාලාව හදාරන විද්‍යාර්ථයින්ගේ පර්යේෂණ කුසලතා එළිදැක්වීම වෙනුවෙන් මෙවර පර්යේෂණ සම්න්ත්‍රණය සංවිධානය කෙරුණු අතර, එහි ආරාධිත දේශනය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු. යසන්ත කෝදාගොඩ මහතා විසින් සිදුකරන ලදි.
පර්යේෂණ සම්මන්ත්‍රණය - 2023 දී අදහස් දැක්වු නාවික හමුදාධිපති, ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් සහභාගීවීමට ලැබීම භාග්‍යයක් කොට සලකන බවත්, ඒ සඳහා ආරාධනා කල ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආඥාපති, මේජර් ජෙනරාල් සෙනරත් යාපා වෙත සිය කෘතඥතාවය පළකරන බවත් ප්‍රකාශ කරන ලදි.
මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, සීඝ්රයෙන් වෙනස්වන ලෝකය තුල ආරක්ෂක අභියෝග වඩාත් සංකීර්ණවී ඇති බවත් ඒවා හමුදාමය ස්වරූපයෙන් ඔබ්බට ගොස් සාම්ප්‍රදායික නොවන තර්ජන වශයෙන් ව්‍යාප්තවී ඇති බවත්, ශ්‍රී ලංකාවද මෙම අභියෝග ජයගනිමින් සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා මාවතක් විවෘත කරගැනීම සඳහා වූ හැකියාව පෙන්නුම් කර ඇති බවත් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම, මෙම අභියෝග උපායමාර්ගිකව කළමණාකරනය කිරීම සඳහා ඒවායෙහි විකාශනය පිළිබඳ අවබෝධයකින් සිටිම වැදගත් බවත්, පර්යේෂණ සහ සංවර්ධන, තාක්ෂණ නවෝත්පාදන සහ හැකියාවන් වැඩිදියුණු කරගැනීමේ අවශ්‍යතාවයත් මෙහිදී පෙන්වා දෙන ලද අතර, ආරක්ෂක අභියෝග වලට මුහුණදීමේදී ජාත්‍යන්තර සහයෝගීතාවයේ ඇති වැදගත්කමද පෙන්වා දෙන ලදි.
එමෙන්ම, මෙම සම්මන්ත්‍රණය තුලින් ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ආරක්ෂක අභියෝග පිළිබඳව අර්ථවත් සාකච්ඡාවක නිරත වීමට අවශ්‍ය වේදිකාවක් නිර්මාණය වී ඇති බවත් පවසන ලදි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආඥාපති, මේජර් ජෙනරාල් සෙනරත් යාපා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත සමරු තිළිණ ප්රදාණයක් සිදුකෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක්ද සහභාගී වී සිටියහ.