ජාතික ආරක්ෂක විද්‍යායතනයේ 02 වන පාඨමාලාව සඳහා නාවික හමුදාධිපති විසින් ආරාධිත දේශනයක් පවත්වයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන (02) ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන්, ‘Sri Lanka Navy’s Maritime Strategy to Underpin National Security’ යන මැයෙන් 2023 ඔක්තෝබර් මස 27 වන දින ආරාධිත දේශනයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආඥාපති වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජෙනරාල්, සූජීව සෙනරත් ගේ ආරාධනයෙන්, එම විද්‍යායතනයේ දෙවන ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාධිපති විසින් මෙම දේශනය සිදුකෙරුණු අතර, සමුද්‍ර යා කෙරෙමින් අතීයේ සිට සිදුකෙරුණු වෙළඳ නෞකා ගමනාගමනය ඇතුළු ගෝලීය සමුද්‍රීය ඉතිහාසයේ ආකර්ෂණීය පරිණාමය එහිදී නාවික හමුදාධිපති විසින් පැහැදිලි කිරීම සිදුකෙරිණි. ඉතිහාසයේ සිට වර්තමානය දක්වා ලොව පුරා විවිධ ජාතීන් ඔවුන් අත්පත් කරගත් සමුද්‍රීය බලය, ගෝලීය වශයෙන් විවිධ පාර්ශ්වයන් වෙත බලපෑම් කිරීම සඳහා උපයෝගී කරගන්නා ආකාරය කාලීන සිදුවීම් ඇසුරින් පැහැදිලි කල නාවික හමුදාධිපති, සමුද්‍රීය බලයේ සහ උපාය මාර්ගයන්ගේ ඓතිහාසික පදනම් හා සමකාලීන අදාළත්වය, ඉන්දියානු සාගර කලාපයේ වත්මන් වාතාවරණය තුල, සමුද්‍රීය බලය හා එහි උපායමාර්ගික වැදගත්කම ආදී සංකල්ප පිලිබඳ දූපත් රාජ්‍යක් වශයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ඉතිහාසය ගෙනහැර දක්වමින් එහිදී නාවික හමුදාධිපති විසින් ශිෂ්‍ය නිලධාරීන් වැඩිදුරටත් දැනුවත්කිරීම සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආඥාපති, මේජර් ජෙනරාල්, සුජීව සෙනරත් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.