ශ්රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලෙස වැඩ භාර ගන්නා ලද කපිතාන් ආනන්ද් මුකුන්දන් (Captain Anand Mukundan) අද දින (2023 ඔක්තෝබර් 27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා හමු විය.
ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් (Captain Anand Mukundan) නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ ඉන්දියානු නව ආරක්ෂක උපදේශක අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්විණි.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.