ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ හා සම්බන්ධීකාරක සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ හා සම්බන්ධීකාරක Lieutenant General Regis COLCOMBET (Director of the Defence and Security Cooperation) අද දින (2023 ඔක්තෝබර් 26) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ හා සම්බන්ධීකාරක නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.