ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘Brunswick’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2023 ඔක්තෝබර් මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘Brunswick’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 ඔක්තෝබර් 15) දිවයිනෙන් පිටත්ව යාමට කටයුතු කෙරිණි.
තවද, ‘Brunswick’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්රදේශ කිහිපයක සංචාරය කිරීමද සිදු කෙරිණි.