වැදගත් සිදුවීම්

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් BAROUE CLASS වර්ගයට අයත් පුහුණු නෞකාවක් වන ‘KRI BIMA SUCI - 945’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 14) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

14 Oct 2023

ගාලු කථීකාව 2023 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය එක්ව "Emerging New Order in the Indian Ocean" යන තේමාව යටතේ සංවිධානය කල එකොළොස්වන (11) ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහ රටවල් 42 ක හා ජාත්‍යන්තර සංවිධාන 11 ක සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ගාල්ල, ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී 2023 ඔක්තෝබර් මස 12 වන දින ආරම්භ වූ අතර, දෙදිනක් පුරා සාර්ථක පැවැත්වුණු ගාලු කථිකාව, 2023 ඔක්තෝබර් මස 13 වන දින සාර්ථකව නිමාවට පත් විය.

14 Oct 2023