ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් BAROUE CLASS වර්ගයට අයත් පුහුණු නෞකාවක් වන ‘KRI BIMA SUCI - 945’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 14) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘KRI BIMA SUCI - 945’ නෞකාව, දිගින් මීටර් 112.02 ක් හා නැව් මුළුව 95 ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් M. SATI LUBIS කටයුතු කරනු ලබයි.
එමෙන්ම, ‘KRI BIMA SUCI - 945’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුලදී එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා සහභාගී වීමට ද නියමිතව ඇත.
තවද, මෙම ‘KRI BIMA SUCI - 945’ නෞකාව නිල සංචාරය නිමාකරමින් 2023 ඔක්තෝබර් මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.