ගාලු කථීකාව 2023 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය එක්ව "Emerging New Order in the Indian Ocean" යන තේමාව යටතේ සංවිධානය කල එකොළොස්වන (11) ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහ රටවල් 43 ක හා ජාත්‍යන්තර සංවිධාන 11 ක සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ගාල්ල, ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී 2023 ඔක්තෝබර් මස 12 වන දින ආරම්භ වූ අතර, දෙදිනක් පුරා සාර්ථක පැවැත්වුණු ගාලු කථිකාව, 2023 ඔක්තෝබර් මස 13 වන දින සාර්ථකව නිමාවට පත් විය.

සැසි පහකින් (05) සමන්විත මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ දෙවන දින (2023 ඔක්තෝබර් 13) තුන්වන, හතරවන සහ පස්වන සැසි සාර්ථකව පැවැත්විණි. ඒ අනුව, Maritime Environment Protection for Collaborative Maritime Prosperity, යන තේමාවට අදාලව මහාචාර්ය Geoffrey Till ගේ මෙහෙයවීමෙන් පැවති තෙවන සැසියේදී, Nexus of Climate Change Impacts & Maritime Security යන තේමාව යටතේ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක විසින් ඉදිරිපත් කිරීමක් සිදුකෙරිණි. Incidents at Sea & the Readiness of Coastal States to Prevent Maritime Environmental Disasters & Post Recovery යන තේමාව යටතේ RAdm Md. Khurshed Alam (Retd) විසින්ද, Regulatory & Procedural Framework of Managing Maritime Casualties in Coastal Waters යන තේමාව යටතේ Ms. Sarah Lou Y. ARRIOLA මහත්මිය විසින්ද, Shared Prosperity Through Preserving & Protecting Underwater Maritime Heritage යන තේමාව යටතේ අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) විසින්ද, එහිදී විද්වත් දේශන පැවැත්වීමට කටයුතු කෙරිණි.

Maritime Domain Awareness, යන තේමාවට අදාලව Wade David Turvold මහතා ගේ මෙහෙයවීමෙන් සිදුකෙරුණු සිව්වන සැසියේදී, Maritime Domain Awareness: Shifting Paradigms for Merging Interest යන තේමාව යටතේ Ms. Siji Song මහත්මිය විසින්ද, Dark Shipping: Collaborative Efforts Information Fusion යන තේමාව යටතේ ව්‍යාපෘති අධ්‍යක්ෂ CRIMARIO II Project, Martin Cauchi Inglott මහතා විසින්ද, විද්වත් දේශන සිදු කෙරිණි.

එමෙන්ම, Collaborative Enforcement for sustainable Ocean Governance යන තේමාවට අදාලව අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ( විශ්‍රාමික ) ගේ මෙහෙයවීමෙන් සිදුකෙරුණු සම්මන්ත්‍රණයේ පස්වන සැසියේදී, Role of UNCLOS for the Resolution of Grey Zone Maritime Conflicts යන තේමාව යටතේ ආචාර්ය Vijay Sakhuja මහතා විසින්ද, Collaborative Governance for Sustainable Development & Marine Resources Management යන තේමාව යටතේ First Admiral Dr. TAY Yap Leong විසින්ද, Regional Frameworks for Sustainable Ocean Governance: IORA, SAARC,BIMSTEC යන තේමාව යටතේ ශානිකා දිසානායක මහත්මිය විසින්ද, ගාලු කථිකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය වෙනුවෙන් විද්වත් දේශන පවත්වමින් පාර්ශ්වකරුවන් අතර දැනුම, අත්දැකීම්, අදහස් හා යෝජනා හුවමාරු කර ගැනීමට දායක විය.

මෙම සම්මන්ත්‍රණයේ දෙවන දිනයට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ නාවික හමුදා ප්‍රධානීන්, සමුද්‍රීය පාර්ශ්වකරුවන් සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ විද්වතුන් සමඟ ද්වීපාර්ශ්වික නිල හමුවීම් සිදුකෙරිණි. ඒ අනුව, ඉන්දියාවේ සිංගප්පූරු ආරක්ෂක උපදේශක Colonel Raymond Ong, ඉන්දීය පදනමේ සභාපති ආචාර්ය රාම් මාධව් (Ram Madhav –President Indian Foundation), චීන නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී RAdm LI Pengcheng (Deputy Chief of Staff of the Chinese PLA Navy), බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ Commodore SP Kelly (Deputy Commander UK Strike Force), ඕමාන් නාවික හමුදාවේ Cmde Adnan bin Salim bin Khamis Al Raisi (Commandant Sultan Qaboos Naval Academy), ජපාන ස්වයං ආරක්ෂක සමුද්‍රීය බලකායේ RAdm Takenaka Nobuyuki (Director General of Operations and Plan Department), මැලේසියානු නාවික හමුදාවේ First Admiral (Commodore) Dr. Tay Yap Leong ( Senior Director), සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ කෝබෙට් මධ්‍යස්ථානයේ සභාපති හා ලන්ඩන් කින්ග්ස් විද්‍යායතනයේ මහාචාර්ය වශයෙන් කටයුතු කරනු ලබන Prof. Geoffrey Till (Chairman of the Corbett Centre for Maritime Policy Studies & Professor of King’s College London), ශ්‍රී ලංකාවේ ජර්මානු ආරක්ෂක උපදේශක Captain Gerald Koch (German- DA), ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ගරු Maged Mosleh (Ambassador of Egypt in Colombo, Sri Lanka), ක්‍රිෂ්නස්වාමි නටරාජන් මහතා (ReCAAP - Exective Director & Manager of Operation Department), CRIMARIO ආයතනයේ Martin Cauchi Inglott මහතා (CRIMARIO -Project Director), ඉන්දීය නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි VAdm Tarun Sobti (Deputy Chief of Naval Staff), කැනේඩියානු ශාන්තිකර නෞකා සමූහයේ අණදෙන නිලධාරී Commodore David Mazur (Commander Canadian Fleet Pacific) යන විදේශීය නාවික හමුදා ප්‍රධානීන්, ජ්‍යේෂ්ඨ නාවික නිලධාරීන්, ආරක්ෂක ප්‍රධානීන් සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ විද්වත් නියෝජිතයින් සමඟ ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි.

ඒ අනුව, සාර්ථකව නිමාවට පත්වූ ගාලු කථිකාව අන්තර් ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණයේ ස්තූති කතාව පැවැත්වීම නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක විසින් සිදු කෙරිණි. එහිදී, මෙම ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය ඉතා උසස් අන්දමින් සංවිධානය කිරීම සඳහා නාවික හමුදාව වෙත සහයෝගය දැක්වූ ආරක්ෂක අමාත්‍යංශය හා Geopolitical Cartographer (GC) ආයතනය වෙත ප්‍රථමයෙන් සිය ස්තූතිය පුද කිරීමට කටයුතු කෙරිණි. අනතුරුව, ගාලු කථිකාවත අන්තර් ජාතික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ විදේශීය නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගීත්වය අගය කරන බව පැවසූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාව සිදුකල විශේෂ ආරාධනය පිළිගෙන විද්වත් අදහස් හුවමාරු කර ගනිමින් සමුද්‍රීය ක්ෂේත්‍රයේ නව දැනුම හා අත්දැකීම් බෙදා ගැනීම සඳහා දායක වූ සියළුම දෙස් විදෙස් විද්වතුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ජාත්‍යන්තර සංවිධාන ඇතුළු සියළුම සම්පත් දායකයින් වෙත සිය ගෞරව ප්‍රණාමය පුද කිරීමට කටයුතු කෙරිණි. එමෙන්ම, ගාලු කථිකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය සාර්ථකව පැවැත්වීම සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන් ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් (Avan garde Maritime Services), ඩොක්යාඩ් ජෙනරල් ඉංජිනියරින් (Dockyard General Engineering), ට්‍රේඩ් ප්‍රමෝටර්ස් ලිමිටඩ් (Trade Promoters Limited), ලංකා බැංකුව (Bank of Ceylon), ටෝකියෝ සිමෙන්ති (Tokyo Cement), එන්එම් ඩිස්ට්‍රිබියුටර්ස් (NM Distributers), හේලීස් ඇවෙන්චූරා (Hayless Aventura), ෆෙරෙන්ටිනෝ ටයර්ස් (Ferentino Tyres), ඩයලොග් ආසියාටා (Dialog Axiata) සහ අබාන්ස් (Abans) යන ආයතනයන් වෙත සිය ස්තූතිය පල කිරීමට කටයුතු කෙරිණි. එමෙන්ම, ජෙට්වින්ග් ලයිට්හවුස් සහ අරලිය යන හෝටල් කළමනාකාරීත්වයන් වෙතද, මෙවර ගාලු කතිකාවත සාර්ථකව පැවැත්වීමට දැක්වූ සහයෝගය අගය කල නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ඇතුළු එම විධානයේ දෙපාර්තමේන්තු හා කාර්ය මණ්ඩල වෙතද ස්තුතිය පලකිරීමට කටයුතු කෙරිණි.

මෙවැනි සමුද්‍රීය සම්මන්ත්‍රණ පැවැත්වීම තුළින්, ඉන්දියානු සාගර කලාපය ඔස්සේ පැන නඟින සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ඇතුළු නව ප්‍රවණතා සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නව දැනුම, අත්දැකීම්, ක්‍රමෝපායන් වැඩිදියුණු කරගැනීමට හා හුවමාරු කරගැනීමටත්, ඉන්දීය සාගර කලාපයට මුහුණලා තිබෙන වෙරළාශ්‍රිත රාජ්‍යයන් හා ඉන්දීය සාගර කලාපය භාවිතා කරනු ලබන සියළුම සමුද්‍රීය පාර්ශ්වකරුවන් අතර සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය වීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත.