වැදගත් සිදුවීම්

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘Brunswick’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘Brunswick’ නෞකාව නිල සංචාරයක් සඳහා 2023 ඔක්තෝබර් මස 11 වන දින උදෑසන කොළඹ වරායට සේන්දු විය.

11 Oct 2023

ගාලු කථීකාව 2023 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය හෙට ගාල්ලේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය හා එක්ව එකොළොස්වන (11) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය මෙවර ගාල්ල, ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී ශ්‍රී ලංකා ජනාධිපති, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් 2023 ඔක්තෝබර් මස 12 වන දින ආරම්භ වන අතර, එම සම්මන්ත්‍රණය එදින සිට දින දෙකක් පුරා (2023 ඔක්තෝබර් 12-13) පැවැත්වීමට නාවික හමුදාව සියලු කටයුතු සූදානම් කර ඇත. Emerging New Order in the Indian Ocean යන තේමාව ඔස්සේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා රටවල් 44 ක සහ ජාත්‍යන්තර සංවිධාන 11 ක මෙන්ම, ආරක්ෂක ක්‍ෂේත්‍රයේ නිපැයුම් සම්බන්ධ ආයතනයන්ගේ දෙස් විදෙස් නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් සහභාගී වනු ලබයි.

11 Oct 2023

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ දායකත්වයෙන් සෞඛ්‍ය කඳවුරක් හා බහුවිධ සමාජසේවා ව්‍යාපෘතීන් රැසක් සේරුවාවිලදී පවත්වයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහ සමාජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය එක්ව, 2023 ඔක්තෝබර් මස 08 වන දින සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේදී, සෞඛ්‍ය කඳවුරක් හා බහුවිධ සමාජසේවා ව්‍යාපෘතීන් රැසක් පැවැත්වීමට ක‍ටයුතු කෙරිණි.

11 Oct 2023