වැදගත් සිදුවීම්

Wave N’ Lake නාවික හමුදා උත්ශව ශාලාව වැලිසර දී විවෘත වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ උත්සව අවස්ථාවන් සඳහා සහ සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා පුද්ගලයන්ගේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික සහ ශීල්පීය දායකත්වයෙන් ඉදිකල Wave N’ Lake උත්සව ශාලාව, වැලිසර නාවික පරිශ්‍රයේදී 2023 ඔක්තෝබර් මස 07 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභපතිනී මාලා ළමාහේවා මහත්මියගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කර, මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණි.

08 Oct 2023

"කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත රංග ශාලාව" නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

රාජකීය ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංගීත අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කල, දිවංගත කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත වෙත නාවික හමුදාවෙන් පි‍‍දෙන උපහාරයක් ලෙස, වැලිසර නාවික පරිශ්‍රයේ පිහිටි නාවික හමුදා සංස්කෘතික නර්ථන ශාලාව, "කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත රංග ශාලාව" ලෙස නම් කර විවෘත කිරීම 2023 ඔක්තෝබර් මස 07 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සිදුකෙරිණි.

08 Oct 2023