"කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත රංග ශාලාව" නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි
රාජකීය ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංගීත අධ්‍යක්ෂක ලෙස කටයුතු කල, දිවංගත කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත වෙත නාවික හමුදාවෙන් පිදෙන උපහාරයක් ලෙස, වැලිසර නාවික පරිශ්‍රයේ පිහිටි නාවික හමුදා සංස්කෘතික නර්ථන ශාලාව, "කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත රංග ශාලාව" ලෙස නම් කර විවෘත කිරීම 2023 ඔක්තෝබර් මස 07 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සිදුකෙරිණි.
1957 වර්ෂයේදී රාජකීය ලංකා නාවික හමුදාවට එක්ව ඇති කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත, 1965 වර්ෂයේදී රාජකීය ලංකා නාවික හමුදාවේ සංගීත අධ්‍යක්ෂක ලෙස පත්වී ඇත. එතැන් සිට බටහිර සංගීතය සහ දේශීය සංගීතය සම්මිශ්‍රණයෙන් පර්යේෂණාත්මක සංගීත නිර්මාණ එළි දක්වා නාවික හමුදා සංගීත අංශය පරිවර්තනීය වෙනසකට ලක්කරමින් එහි ප්රගමනය වෙනුවෙන් වසර 25 කට අධික කාලයක් විශිෂ්ඨ සේවයක් සිදුකර ඇති කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, ශ්‍රී ලංකා ශිෂ්‍ය භට බළකායේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සංගීත අංශයන්ගේ උන්නතිය වෙනුවෙන් මෙන්ම සංගීත නිර්මාපකයෙක්, අධ්යක්ෂවරයෙක්, උපදේශකයෙක් සහ කතුවරයෙක් ලෙසින්ද, මෙරට සංගීතය ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වා ඇත.
ඒ අනුව, කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත විසින් නාවික හමුදා සංගීත අංශයේ සහ මෙරට සංගීත ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් සිදුකළ විශිෂ්ඨ දායකත්වය ඇගයීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ඔහුට පිදෙන උපහාරයක් ලෙස නාවික හමුදා සංස්කෘතික නර්තන ශාලාව, කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත රංග ශාලාව ලෙස නම් කර, කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත ඵලකය නිරාවරනය කිරීම මෙලෙස 2023 ඔක්තෝබර් මස 07 වන දින නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙම අවස්ථාවට සමගාමීව කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත වෙත පිදෙන උපහාරයක් ලෙස, කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත ගේ පවුලේ සාමාජික සාමාජිකාවන් විසින්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය හා එක්ව විශේෂ සමරු මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කිරීමද සිදුකෙරුණි.
මෙහිදී, අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දිවංගත කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත විසින් නාවික හමුදා සංගීත අංශයේ උන්නතිය වෙනුවෙන් පමණක් නොව මෙරට සංගීත ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වා ඇති බවත්, එමඟින් නාවික හමුදාවේ සහ නාවික හමුදා සංගීත අංශයේ කීර්තිනාමය ඉහළ නැංවීමට සිදුකර ඇති දායකත්වය හා කැපවීම අගය කරන බවත් ප්‍රකාශ කරන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත හට උපහාරයක් ලෙස ඔහුගේ නමින් නාවික හමුදා සංස්කෘතික නර්ථන ශාලාව නම් කිරීම පමණක් නොව, ඔහු විසින් සිදුකල පර්යේෂණාත්මක නිර්මාණ සංගීත ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් සංරක්ෂණය කිරීම සහ ඔහු විසින් සංගීත අංශයේ දියුණුව වෙනුවෙන් සිදුකල කැපකිරීම්, පර්යේෂණාත්මක නිර්මාණ සඳහා සිදුකල දායකත්වය, වර්ථමාන නාවික හමුදා සංගීත අංශයේ ප්රගමනය සඳහා උපයෝගී කර ගැනීමද, කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත වෙත කෙරෙන උපහාරයක් වන බවත් ප්‍රකාශ කරන ලදි.
තවද, මෙම අවස්ථාව සඳහා අද්මිරාල් බැසිල් ගුණසේකර ඇතුළු හිටපු නාවික හමුදාධිපතිවරුන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික නාවික හමුදා නිලධාරී සංගමයේ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, දිවංගත කොමාණ්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත ගේ පවුලේ සාමාජික සාමාජිකාවන්, විශ්‍රාමික නාවික හමුදා සංගීත හා නර්තන සංගමයේ සාමාජිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වී සිටියහ.