වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනී හා නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය වශයෙන් කටයුතු කරනු ලබන ගරු මියොන් ලී මහත්මිය (Miyon Lee) අද දින (2023 ඔක්තෝබර් 06) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
06 Oct 2023
නාවික හමුදාව මඟින් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් පිරිනමයි
නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය මඟින් නිර්මාණය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය වෙත පිරිනැමීම, 2023 ඔක්තෝබර් මස 06 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
06 Oct 2023
සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood), සමුගැනීමේ නිල හමුවක් සඳහා 2023 ඔක්තෝබර් මස 05 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
06 Oct 2023


