ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනී හා නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය වශයෙන් කටයුතු කරනු ලබන ගරු මියොන් ලී මහත්මිය (Miyon Lee) අද දින (2023 ඔක්තෝබර් 06) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනී, ගරු මියොන් ලී මහත්මිය (Miyon Lee) නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Captain (ROK Navy) CHOI YONGSEOK ද සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.