නාවික හමුදාව මඟින් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් පිරිනමයි
නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය මඟින් නිර්මාණය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය වෙත පිරිනැමීම, 2023 ඔක්තෝබර් මස 06 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ක්‍රියාත්මක කළ නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය, සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ලබා දී ඇති අතර, මෙම යන්ත්‍රය මඟින් එකවර රෝගීන් පහළොස් දෙනෙකු (15) සඳහා ප්‍රතිකාර ලබාදිය හැකි සහ එය රෝගින් විසිපස් දෙනෙකු (25) දක්වා පුළුල් කල හැකි වීම විශේෂත්වයකි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතියේ ජ්‍යේෂ්ඨ සම්බන්ධීකාරක කොමාණ්ඩර් බුද්ධික රන්දිමාල් ඇතුළු නාවික හමුදා නිලධාරීන් සහ කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටියහ.