සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood), සමුගැනීමේ නිල හමුවක් සඳහා 2023 ඔක්තෝබර් මස 05 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා හමුවිය.
ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.
එමෙන්ම, ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ්, සිය රාජකාරී කාලසීමාව තුලදී ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් ඔහු වෙත සිය කෘතවේදීත්වය පල කර ඉදිරි කටයුතු සඳහා ශුභාශිංසන පිරිනැමීම සිදුකල අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් කපිතාන් විකාස් සූඩ් වෙත සමරු තිළිණයක්ද ප්රදානය කෙරිණි.